දවසක් දා...
ඉරා අඳුරු පට සරා සඳක් ලෙස
බැබළුණ මගේ හද ගුවන පුරා
වළාරොදක් මෙන් විහිදී ගියේ ඇයි
බලාපොරොත්තුවේ තිමිර ඉරා
පුරාණයේ කුස නිරිඳු ඔබ ද වුණ
මහද සොරා ගත් සැමට හොරා
මෙදා වෙන් කළත් උදානයක් මෙන්
හදවිල රැව්දෙයි සුසුම දරා
සදාකාලිකව එක්වෙමු හිතවත
සිනා මලක් වී සසර පුරා
මගේ තියුණු 📷 ඇස
No comments:
Post a Comment