Sunday, August 15, 2021

ඇයයි මගේ අම්මා ❤️



ගැබ්බර වේදනා

දරා දසමස හොවා 

මෙලොවට මා දොවා

හිනැහුණා ඔබ පරදා වේදනා 

රතු රුහිරු කිරි කරන්

සෙනෙහසින් මා වඩන්

" මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බරෙන් "

නුඹට දුන් වේදනා 

යළිත් ආපසු ගන්න 

ආසයි ආයෙමත් 

යන්න ඒ අතීතෙට 

යමුද අපි ආයෙමත්

අම්මේ ඒ අතීතෙට ...



1 comment:

  1. අහම්බෙන් දැක්ක බ්ලොග් එකක්.. මුල ඉදන් අගටම කියවන්න හිතුන. ඒකත් මේ ෆොටෝ එක නිසා ❤️❤️❤️ ජයවේවා!

    ReplyDelete

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...