Saturday, July 31, 2021

ප්‍රාණසම ආදරය

සිව්නෙත් ගැටී සසැලුණ

මිහිරි නිමේෂයක්

අනන්තයෙන් ගලා ආ කටහඬක්

සවනත පුරා දෝංකාරදුන්

සොඳුරු  අතීතයක්

ඇඟිලි තුඩක පහස ලැබ

ගතම සලිත වූ

නිහඬ මොහොතක්

නොසිතාම සිතින් ලොබ බැඳි

පිවිතුරු පෙම් හැඟුමක්

අමතක කරම් කෙසේ

ප්‍රාණසම ආදරයක්...

                                           -  සචිනි නිමේෂිකා -


                         

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...