උඹ නිදි ඇති !!!
උඹ ආසම හීනවල
හුස්ම ගන්න ගමන්
මමත් ආසම හීනවල
හුස්ම ගන්නවා
ඇස් ඇරගෙන
කල්පනා කරන ගමන් ♥️
කළු වලාවෙන් වැසීගිය කල
තරු කැට දහසක් පායා ආවද
නොමැකෙයි සඳ යලි එන තුරාවට
කවිය සහ ගීතය යනු, එකිනෙකට සමානතා අසමානතා ඇති කලා මාධ්‍යය දෙකකි. විශ්වනාථ කවිය අර්ථ දක්වා ඇත්තේ “රසය ආත්මය කොටගත් වැකිය කාව්‍යයි” යනුවෙනි. එමෙන් ම ගීතය යනු, සාහිත්‍යයෙත් සංගීතයේත් සුසංයෝගයකි. මෙකී අදහස් දෙක කෙරෙහි අවධානය යොමු කරන විට කවිය හා ගීතය යනු, එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් දෙකක් ලෙස හඳුනා ගත හැකිය.
අතීතයේ කවිය හා ගීතය අතර එතරම් වෙනසක් දක්නට නොවීය. නමුත් ක්‍රමයෙන් දියුණු විකාශනයක් කරා යොමු වන ගීතය එයට ම ආවේණික වූ ලක්ෂණ රැසකින් සමන්විත වීම නිසා කවිය හා ගීතය එකිනෙකට වෙන් වූ කලා මාධ්‍යය දෙකක් බවට පත් විය.
කවිය කවීතා ගුණයෙන් ද ගීතය ගේයතා ගුණයෙන් ද යුක්ත වීම මෙහි පවත්නා මූලික ලක්ෂණයකි. එහි දී කවිය කියවා රස විඳින අතර ගීතය අසා රස විඳින කලා මාධ්‍යයකි. ගීතය මූලික වශයෙන් ශබ්ධ රසය ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණය කරන අතර කවිය අර්ථ රසය මතුවන ආකාරයෙන් නිර්මාණය කරයි.
ගීතය ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වගේ ම සාමූහික කලා මාධ්‍යයකි. මෙය සංගීතය නමැති මහා සාගරයට වැටෙන අතු ගංඟාවක් ලෙස හැඳින්විය හැකිය. ගීතය විවිධ සීමා මායින් තුළින් නිර්මාණය වී ඇත. ගීතය විනාඩි තුන හතරකට සීමා විය යුතුය. මෙකී ඉතා කෙටි කාලය තුළ සහෘදයාගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට ගී පද රචකයා සමත් විය යුතුය. එහිදී ගේය පද රචකයාටත්, සංගීත නිර්මාණකරුවාටත් ස්වයං වාරණයක් පනවා ගැනීමට සිදු වෙයි.
ගීතය ප්‍රධාන වර්ග හතරක් යටතේ වර්ග කර හඳුනා ගත හැකිය.
1 භාවික ගීත
2 රූපක ගීත
3 සුක්තික ගීත
4 වාර්තික ගීත
කවියෙහි ද මූලික ප්‍රධාන වර්ග හතරක් හඳුනා ගැනීමට හැකිය.
1 චම්පු කාව්‍ය
2 ගේය කාව්‍ය
3 ගද්‍ය කාව්‍ය
4 පද්‍ය කාව්‍ය
කවිය බොහෝ දුරට දෘශ්‍ය ගෝචර කලා මාධ්‍යයකි. එකී දෘශ්‍ය ගෝචර බව නිසා ම බුද්ධි ගෝචර බවත් වැඩිය. ආකෘතික ලක්ෂණ වගේ ම ඉරක්, තිතක්, කොමාවක් පවා ගැඹුරු අරුත් ප්‍රකාශ කරන දෘෂ්ටි ගෝචර බවකින් යුක්ත වීම මෙහි දක්නට ලැබෙන වෙනස්කමකි. කවියෙහි භාෂාවට සීමා මායිම් නොමැත. නමුදු ගීතයෙහි එබඳු සීමා මායිම් රැසක් දක්නට ලැබෙයි. කවියේ ආකෘතියේ ද සීමාවන් නැත. කවියා සෑම විට ම ඔහුගේ ප්‍රකාශන ඇතුළත ස්වාධීනයි. එසේ වන්නේ කවිය ඒක පුද්ගල නිර්මාණයක් නිසා ඔහුට ස්වයං චින්තනය ඇසුරු කර ගනිමින් නිර්මාණකරනයේ යෙදීමට අවකාශය තිබීමයි. කවියා ගීත රචකයාට වඩා උපරිම නිදහසක් වින්දනය කරයි. කවියාට විශාල ගැඹුරක තම පරිකල්පනය විදහා දැක්වීමට ඉඩ හසර පවතී. කවි රස විඳින පාඨකයාට වුව ද කවිය නැවත නැවත කියවා එහි ගැඹුරු තැන් සොයා යාමේ හැකියාව ඇත.
ගීත රචකයාට කවීයේ දී මෙන් භාෂාවේ ඕනෑ ම වචනයක් පරිහරණය කිරීමේ හැකියාව නොමැත. ගීතයෙහි සෑම පරිහරණය කරන වචවයක් ම සුඛනම්‍ය විය යුතුය. භාවයන් ජනනය කරන ශ්‍රව්‍ය ගෝචර ලක්ෂණ කැටිවන අයුරින් නිර්මාණය කිරීමට ගී පද රචකයා සමත් විය යුතුය. එසේ වන්නේ ගීතය යනු, ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වන නිසත් ඇසීමෙන් ම රසය උපදවන මාධ්‍යයක් වන හෙයිනි.
මහගම සේකරයන් ගීතය කවියේ එක කුස උපන් සොහොයුරෙක් බව පවසයි. මේ අදහස දෙස අවධානය යොමු කරන විට ගීතය හා කවිය යනු, එකිනෙකට අවියෝජනීය සම්බන්ධකම්වලින් පරිපූර්ණ මාධ්‍යයන් දෙකක් ලෙස හඳුනා ගත හැකිය.
සාර්ථක ගීතයක් වීමට නම් ධ්වනිපූර්ණ ගීත රචනා, අර්ථාන්විත ස්වර රටා, ඖචිත්‍යවත් මධුර වූ සංගීතය, භාව පූර්ණ ගායනාව යන සියල්ල අන්තර්ගත විය යුතුය. නමුත් කවියට එබඳු සීමාකම් නොමැති අතර ඔවුන් වැඩි අවධානය යොමු කළ යුත්තේ බස වෙතටයි. රමණීය වාගාලාපයකින් යුක්ත විය යුතුය. කවියේ වචනවල ඇති ශබ්ධ රසය පරිපූර්ණ වන්නේ අර්ථ පූර්ණ ධ්වනි බස්වහර අන්තර්ගත වීමෙනි. ගීතයට එබඳු ගැඹුරු බස් වහරක් ඇති වූ විට ගැටලු ඇති විය හැකිය. එසේ වන්නේ ගීතය ශබ්ධ මාධූර්ය ඉස්මතු කරන බැවිනි.
ගීතයේ තවත් වෙනස්කමක් ලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට සංගීතය වාදනය යොදා ගන්නා අතර කවියට ඇති ප්‍රබල ආයුධය වන්නේ භාෂාවයි.
සෑම කවියක් ම ගීතයක් නොවන්නා සේ, සෑම ගීතයක් ම කවියක් නොවේ.
-රවීන්ද්‍රනාත් තාගෝර් -
මේ අනුව බලන විට කවිය හා ගීතය යනු, එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් දෙකක් බව පැහැදිලිය.
අතු අගිස්සක උපන්
පුංචි මල් කැකුළියක්
හසු විය හිරු නෙතට
විහිදිය හිරු කිරණ
වැදී විකසිත විය දිනක්
රුව සුවඳ පතුරමින්
ලොව ඉතා සුන්දරයි සිතා
ගෙවී ගිය පසු දිනක්
හිරු බැස අඳුර විත්
රුව සුවඳ වියැකිලා
මිලානව නටු අඟින්
ගිලිහීය කලකිරී 🥀
සුන්දර යැයි සිතූ
මෙය දැයි ජීවිතය ...🍂
- සචිනි නිමේෂිකා -
පුංචි උල්පත ලෙසින් අරඹා
නිම්න අතරින් ගලා බැසගෙන
මවා මඟතොට සොඳුරු දිය ඇලි
කලා කරුවන් මවිත කරවන
නෙතට රසදුන් මැව්වෙ තැන තැන
හැපී ගල්පර බාධා වෙනකොට
කිරිපාට පෙණපිඬු මැව්වෙම
ඉවසන්න බැරි වේදනාවට
නිසල ජල කඳ ගලා යන විට
දෑල මත හිද කව් ලියවුණිද
වැදී හැපී හැඩ මවා ලෝකෙට
නිහඬව ම විත් සිඳු සිප ගත්තද
ගලා ආ ගඟ පමණි දන්නේ
පසු කරන් ආ කටුක මාවත...
-සචිනි නිමේෂිකා-
අලගියවන්න මුකවැටිතුමා සීතාවක රාජසිංහ රජුගේ අවදියේ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨතම උගතෙකි. සිය නෑ කෝරළයේ උපත ලද මොහු සාහිත්‍යකරණයට පිවිස ඇත්තේ ලක්දිව මිනිසුන් සියලු අතින් පිරිහුණු කටුක කඨෝර වූ අවදියකයි. සතුරු යුධ බියෙන් මුළු දිවයින ම ඇළෙලෙමින් පැවති ඒ අවදියේ දී යම්තම්වත් අත පය සැලීමට හැකි වූ මිනිසාට සටනට යාමට මිස පොතපතට සිත දීමට අවස්ථාවක් නොවීය. පොත් පත් ගිනිබත් කළ සමාජ වටපිටාවක අලගියවන්න මුකවැටිතුමා සිංහල සාහිත්‍යය නඟා සිටුවීමට ගත් වෙහෙස අමරණීයයි. මොහු විසින් රචිත යැයි සලකන කෘති පහකි.
1 සුභාෂිතය
2 සැවුල් අස්න
3 දහම් සොඬකව
4 කොන්ස්තන්තීනු හටන
5 කුස ජාතක කාව්‍ය
පොත් පත් ගිනිබත් කළ මේ කාලය තුළ මෙතරම් කෘති සමූහයක් හෝ නිර්මාණය කරමින් සාහිත්‍යය නමැති කලා කෙත සැරසීමට ගත් වෙහෙස අගය කළ යුක්තකි.
කෝට්ටේ යුගයේ බිහි වූ ලෝ වැඩ සඟරාවෙන් අනතුරුව පහළ වූ සිංහල උපදේශාත්මක ග්‍රන්ථයක් ලෙස සුභාෂිතය හැඳින්විය හැකිය. පොදු ජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම බලපාන කරුණු රැසක් කෘතිය පුරාවට විහිදී පවතී. මේ කෘතිය එදා මෙදා තුළ සිංහල සාහිත්‍යයේ වැදගත් කෘතියක් බවට පත් විය. මොහු ජීවත් වූ සමාජයේ පැවැති චර්යා ධර්මයෝ මෙම කෘතිය පෝෂණය කිරීමට මහඟු පිටිවහලක් ගෙන දුන්හ.
මෑත ඉතිහාසයේ බාල පරපුර හික්ම වී මෙහිලා සුභාෂිතයෙන් ලැබුණු පිටිවහල සුළු පටු නොවේ. බාල පරපුර යහ මඟට යොමු කරවමින් සිංහල පද්‍යයයේ රස වින්දනයට දොර විවර කිරීමක් වශයෙන් ද මේ කෘතියෙන් සිදු වූ සේවය අති විශිෂ්ටයි.
සුභාෂිතය රචනා කිරීමේ දී අප රටට ගැළපෙන සරල භාෂාවක් යොදා ඉදිරිපත් කිරීම අලගියවන්න මුකවැටිතුමාගේ නිර්මාණශීලි ගුණය මනාව ධ්වනිතාර්ථවත් කරයි. සුභාෂිතය පුරාවට කවි සියයක් ඇතුළත් වන අතර මෙය ශතක කාව්‍යය කෘතියක් ලෙස ද සලකයි. මෙහි අඩංගු සමහර කවි වර්තමානයේ ජීවමාන ලෙස බාල මහලු කාගේත් මතකයේ රැදී තිබේ.
“පින් මද පුතුන් සියයක් ලදු වත් නිසරූ
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු”
එදා සමාජය තුළ පමණක් නොව වත්මන් සමාජය තුළ ද බොහෝ දෙනාගේ මුවින් අසන්නට ලැබෙන කරුණු රැසක් මේ කවියෙන් ගම්‍ය කරයි. මෙබඳු කවියක් නිර්මාණය වීමට අලගියවන්න කවියා ජීවත් වූ සමාජ වටපිටාව මනා රැකුලක් වෙන්නට ඇතැයි සිතිය හැකිය.
මොහුගේ තවත් විශිෂ්ට කෘතියක් ලෙස “කුස දා කව” හැඳින්විය හැකිය. මහා කාව්‍ය ආකාතියට වහල් වෙමින් රචිත කව්සිළුමිණට වඩා සහෘදයාගේ සිත් තදින් ස්පර්ෂ කිරීමට සමත් කෘතියක් ලෙස කුස දා කව හැඳින්විය හැකිය. කව්සිළුමිණෙහි එන ගැඹුරු වාග් කෝෂයට වඩා අලගියවන්න කවියා ජන කවියෙකු මෙන් ඒ ඒ කතා ප්‍රවෘත්තිය රමණීය පදවැල්වලින් සරසා සහෘදයා කරා රැගෙන ඒමට සමත් විය.
ඒ බව සුචරිත ගම්ලත් සිංහල සාහිත්‍යය විකාශනය නම් කෘතියෙහි දක්වා ඇති අදහස තුළින් මනාව පැහැදිලි වෙයි.
“කුස ජාතක කාව්‍ය මහා කාව්‍යයක් නොවේ. එය රචනා කිරීමේ දී අලගියවන්න අනුගමනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අසාර්ථක වුණු මහා කාව්‍ය සම්ප්‍රදාය නොව වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ දී තහවුරු කළ නිදහස් කාව්‍ය ආකෘතියයි”
කව්සිළුමිණ කවියා ග්‍රාම්‍යයයි බැහැර කරන සියලු දේ අලගියවන්න සිනා රස නඟන අයුරින් රචනා කිරීමට මනා දක්ෂ විය. කුදිය රන් රුවට පහර දෙන අයුරු අලගියවන්න පද්‍යයට නඟන්නේ සිනා රස වෑහෙන අයුරිනි.
“ රන් රුව දැක මනා
පබවතිය යන සිතිනා
තනිව තොප මෙතෙනා
කුමට අවුදැයි කියා තොසිනා”
රනින් කළ රුව ජීවමාන පබවතිය යැයි සිතා කතා කිරීමට සැරසෙන ආකාරය සහෘද සිත් සිනහවට ලක් කරයි.
දහම් සොඬ කව ද අලගියවන්න කවියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකි කෘතියකි. සියබස්ලකරයේ දැක්වෙන “පෙදෙන් බුදු සිරිත, බසින් වත් සිරිත්..” යන නියමයට ගරු කරමින් රචිත කෘතියක් ලෙස අගය කළ හැකිය. ජාතක කතා පොතේ එන දහම් සොඬ කතාව මුල් කර ගනිමින් නිර්මාණය කරයි.
“ යේසුස් කිරිත්තූ
දෙවි සමයට පත්තූ
අන්තෝනි බරෙත්තූ
නමැති සෙබළකු නුගුණ යුත්තූ ”
යනාදී රසවත් භාෂාවක් යොදා ගනිමින් රචනා කිරීමට සැබෑ දක්ෂ විය. අවසානයේ යහපත ප්‍රාර්ථනා කරමින් “දහම් සොඬ කව” අවසන් කිරීමට අලගියවන්න ගත් වෙහෙස ප්‍රශංසනීයයි.
“රජ දිගා වේවා
රුපුනට නිගා වේවා
සිරි ලගා වේවා
සිරින් මුළු ලොව වගා වේවා”
රට අරාජික තත්ත්වයකට මුහුණ පා සිටි අවස්ථාවේ සිංහල කලා කෙත පුරන් වීමට ඉඩ නොතැබූ විශිෂ්ට පුද්ගලයෙකු ලෙස අලගියවන්න කවියා හඳුනා ගත හැකිය.
සදා නොමැකෙන විඳු සෙවණ ❤️
විඳු අහසේ සොඳුරු සිත්තම් මැවූ
පුංචි තරු පෙළ සොමි කිරණින් නැහැවූ
දයාබර ගුරු සඳුනි මලින වන්නට නොදී
මඟ හෙළි කර දුන්
නුඹේ ඔය කාන්තිය ලොවට හෙළි කරන්නට
ගියත් නෙතු මානයෙන් තබනු මැන සමරුවක්
මේ පුංචි පත් ඉරුවෙහි නුඹේ ඔය අමිල වදන්
මගේ එඩි වඩන නියාවෙන්
තරු පොකුරු තනි රැක්ක දුක සැපට ළඟ උන්න
මා ළබැඳි මිතුරනේ
ඔය වදන් ගලපන්න පත් ඉරුත් මදි නමුත්
රැගෙන යන්නට මතක සදා නොවෙනස් ලෙසින්
දෙන්න මට මතකයක්
අකුරු කර මේ ලෙසින් ... 🌹
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං
🌼🌼🌼🌼
ගැබ්බර වේදනා දරා දසමස හොවා මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...