Wednesday, August 4, 2021

ගං දෑල අසබඩ දී



පුංචි උල්පත ලෙසින් අරඹා

නිම්න අතරින් ගලා බැසගෙන

මවා මඟතොට සොඳුරු  දිය ඇලි

කලා කරුවන් මවිත කරවන

නෙතට රසදුන් මැව්වෙ තැන තැන

හැපී ගල්පර බාධා  වෙනකොට

කිරිපාට පෙණපිඬු මැව්වෙම

ඉවසන්න බැරි වේදනාවට

නිසල ජල කඳ ගලා යන විට

දෑල මත හිද කව් ලියවුණිද

වැදී  හැපී හැඩ මවා ලෝකෙට

නිහඬව ම විත් සිඳු සිප ගත්තද

ගලා ආ ගඟ පමණි දන්නේ

පසු කරන් ආ කටුක මාවත...


 -සචිනි නිමේෂිකා- 

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...