Wednesday, August 4, 2021

මෙයද ජීවිතය

  



අතු අගිස්සක උපන්

පුංචි මල් කැකුළියක්

හසු විය හිරු නෙතට

විහිදිය හිරු කිරණ

වැදී විකසිත විය දිනක්

රුව  සුවඳ පතුරමින්

ලොව  ඉතා සුන්දරයි සිතා 

ගෙවී ගිය පසු දිනක් 

හිරු බැස අඳුර විත්  

රුව සුවඳ වියැකිලා 

මිලානව නටු අඟින්  

ගිලිහීය කලකිරී   🥀 

සුන්දර යැයි සිතූ     

මෙය දැයි ජීවිතය ...🍂    



 - සචිනි නිමේෂිකා - 

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...