සදා නොමැකෙන විඳු සෙවණ ❤️
විඳු අහසේ සොඳුරු සිත්තම් මැවූ
පුංචි තරු පෙළ සොමි කිරණින් නැහැවූ
දයාබර ගුරු සඳුනි මලින වන්නට නොදී
මඟ හෙළි කර දුන්
නුඹේ ඔය කාන්තිය ලොවට හෙළි කරන්නට
ගියත් නෙතු මානයෙන් තබනු මැන සමරුවක්
මේ පුංචි පත් ඉරුවෙහි නුඹේ ඔය අමිල වදන්
මගේ එඩි වඩන නියාවෙන්
තරු පොකුරු තනි රැක්ක දුක සැපට ළඟ උන්න
මා ළබැඳි මිතුරනේ
ඔය වදන් ගලපන්න පත් ඉරුත් මදි නමුත්
රැගෙන යන්නට මතක සදා නොවෙනස් ලෙසින්
දෙන්න මට මතකයක්
අකුරු කර මේ ලෙසින් ... 🌹
No comments:
Post a Comment