Sunday, August 15, 2021

ඇයයි මගේ අම්මා ❤️



ගැබ්බර වේදනා

දරා දසමස හොවා 

මෙලොවට මා දොවා

හිනැහුණා ඔබ පරදා වේදනා 

රතු රුහිරු කිරි කරන්

සෙනෙහසින් මා වඩන්

" මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බරෙන් "

නුඹට දුන් වේදනා 

යළිත් ආපසු ගන්න 

ආසයි ආයෙමත් 

යන්න ඒ අතීතෙට 

යමුද අපි ආයෙමත්

අම්මේ ඒ අතීතෙට ...



හැමදේම වෙන්නේ හොඳට



විඟහට පැමිණ නවතින්නයි කියා

වසන්තයට කල මුත් ආයාචනා තව

නාඳුනන සිහිනයක් එකවර පැමිණ

හිනැහිලා යනයුරු පෙන්නුවේ කිමද


අකැමැති වූ නමුත් ඉඩෝරයේ පැමිණීම

පිළිගැනීමට සිදුවෙයි මින් ඉදිරියට

කාරි නෑ තේරුම් ගත යුතු දෙයක් ඇත

හැමදේම හොඳටයි වෙන්නේ සිතමු අප.

දුර්ලභ රත් දෝතළු


මගේ 📷 ඇස

පුවක් ගස්වලට අපල කාලය එළැඹෙන්නේ වෙසක් මාසය කිට්ටු වීමත් සමඟය. ඒ තොරණ බඳින්නට දහස් ගණන් පුවක් ගස් කපන නිසයි. පොල් ගස් කැපීම තහනම් කරමින් කලින් කලට නීති ගෙනාවද පුවක් ගස් කපන්නට අපේ රටේ තහනමක් තවම  නැත. නමුත් එක් පුවක් ගසක් කැපීම නම් තහනම්ය. ඒ රත් දෝතළුය.

පුවක් ගස්වලට වෙසක් මාසයේදී අපලය ලබන මුත් රත් දෝතළුවලට නම් හැමදාමත් අපලය. ඊට හේතුව විවිධ අපල සඳහා රත් දෝතළු පූජා කළ යුතු බවට සමාජයේ පවතින මිථ්‍යා මතයන්ය. මේ අපලය සත්‍ය ලෙස පවතින්නේ මෙය විශ්වාස කරන උදවියට නොව රත් දෝතළු මලටයි.

බැලූ බැල්මට පුවක් මල මෙන් දිස් වුවද රක්ත වර්ණයෙන් බැබලීම නිසත් හමුවීම දුර්වල නිසත් පුවක් මලට වඩා වටිනාකමක් ලැබෙයි. මේ මල තවම නොදැකපු පිරිස්ද සමාජයේ නැතුවාම නොවෙති. නමුත් රුවන්වැලි සෑය වන්දනාවට යන පිරිස් හට නම් මෙය ඉතා සුලභ දසුනකි.

මලේ පැහැය නිසා දෝතළු ශාකය සමාජ ගත වී ඇත්තේ “රත් දෝතළු” ලෙසිනි. ඇතැම් ප්‍රදේශයන්හි මෙය “රන් දෝතළු” යනුවෙන්ද ව්‍යවහාර කරයි. මලෙහි පවතින අසීමිත සුන්දරත්වය නිසා අතීතයේ පටන් මෙම මල කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ජනශ්‍රැති හා සාහිත්‍යයේ හමුවන තොරතුරු අනුව පැහැදිලි වෙයි. මෙය සෑම පරිසර පද්ධතියකම දක්නට නොලැබෙයි. ශ්‍රී පාද අඩවියේ බහුලව දක්නට ලැබේ. බුදුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේදී සමනල ගිරි මුදුනට වැඩම කර ඇත. සුමන සමන් දිව්‍ය රාජයා බුදුන් වහන්සේට සමනල ගිරි පර්වතයේදී ශ්‍රී පාද පද්මය පිහිටුවන ලෙස ආරාධනා කර ඇත්තේද රත් දෝතළු මලක් පුද කරමිනි. මේ පිළිබඳ අදහස් ජනප්‍රවාදයේ පැවැත එයි. වත්මනේද බොහෝ බැතිමත්තු රත් දෝතළු මල් ශ්‍රී පාද පද්මයට බැතියෙන් පුජා කිරීමට උත්සුක වෙති.

අතීතයේ විවිධ ශාන්තිකර්ම සඳහාද රත් දෝතළු මල් භාවිත කර ඇත. දෙවොල් මඩු ශාන්තිකර්මයේදී පත්තිනි දේවිය වෙනුවෙන් පුවක්, තල්, පොල්, ඉඳි සහ දෝතළු මල් භාවිත කර ඇත. මේ සියල්ල එක් කර විශේෂ සැරසිල්ලක්ද සකස් කර ඇති බව සඳහන් වෙයි.

මෙලෙස දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රත් දෝතළු ගස පුවක් ගසකට සමාන හැඩ හුරුකමක් දක්වයි.  මෙයද තාල වර්ගයට අයත් ශාකයකි. ලංකාවට ආවේණික ශාක විශේෂයක් වෙයි. දුර්ලභ ශාකයක් වන මෙය වඳ වීමේ තර්ජනයකටද මුහුණ දෙමින් පවතින බව නම් නොරහසකි. සබරගමුව පළාත ආශ්‍රිත වනාන්තරවල සහ ගෙවතුවලද රත් දෝතළු දක්නට ලැබෙයි. බීජවලින් පැළවීම සිදු වන අතර පැළවීමේ ප්‍රතිශතය අවම වීම නිසා ව්‍යාප්තියද සීමා සහිත වෙයි.

 රත් දෝතළු මල නිරූපිත මුද්දරයක්ද නිර්මාණය කර ඇත. ඒ තරමටම ලාංකික සමාජයේ  රත් දෝතළු මලට විශේෂත්වයක් ලබා දෙයි. වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති නිසා මෙයට හානි කිරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.


තෙලි තුඩ මැවූ රටා


 

නොවෙනස් මිතුදම්



                                                                                                          

සඳ හිරු  තරු මල්

පවතින තුරු දෙරණේ

ඔබ මෙන් මා මෙන්

සෙනෙහෙන් උන් අය

හමු වී වෙන් වෙනවා

අවිහිංසක වූ පිවිතුරු මිතු දම්

සැමදා ඇති වෙනවා

වෙන් වී යන දසුනෙන්

තව තව ළං වෙනවා

හද විල මැද සිටි

සෙනෙහස් කුසුමන්

යළි යළි පුබුදිනවා

යෙහෙළිය ඔබ වෙත

මගේ ආසිරි සැමදා

හිමි වෙනවා ❤️

කොරෝනා බිලිගත් අපේ ජීවිත 🤐



වෙසක් තොරණ නැති වසන්තයක්

සරුංගල් නැති ග්‍රීෂ්මයක්

සමනල් පෙරහැර නුදුටු

ශීත ඍතුවක් 

ගෙවිලා ගියා නොදැනීම

කොරෝනා බිලිගත් අවුරුද්දක් 😥

නෙතුපිය අද්දර


 Akka & Aiya ❤️

උඩරට මංගල ඇඳුමින්  හැඩවුණ

යුවලක් හැදිනෙමි නෙතුපිය අද්දර

රූබර ධවලැති ඔසරියෙ සළුපට

ගෙනදෙයි පිවිතුරු ප්‍රේමයෙ සලකුණ

රිදියෙන් හැඩවුණ නිල්පැහැ ඇඳුමට

ගෙනදෙයි සවිමත් ඔහුගේ තේජස

"සුරකිමි දිවි ඇති තෙක් ඔබ සොඳුරිය"

කියනා රිසියෙන් ඔහු නෙතු ඇය ළඟ


 

ඉඳිවෙමින් පවතින සඳහිරු සෑයට අපේ දායකත්වය ☸️

 










විඩාබර මනසට විවේකයක්

 


Friday, August 13, 2021

මල් මිටක් 💐



සනසන්න සැනසෙන්න හීන 

මිටි පොඳි බැදන් 

අකුරු කරනට යන්නෙ මල් 

පොකුරු අත දරන් 

මිනිසුන්ව හඬවන  

දිළිඳුකම  හිසතියන් 

මල් මිටක් ගත්තොතින් 

බඩ පිරෙයි නැහැ කිසි සැකක් 🌸

නිවහන සැරසූ රුවැත්තී

 
















ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...