Sunday, August 15, 2021

ඇයයි මගේ අම්මා ❤️



ගැබ්බර වේදනා

දරා දසමස හොවා 

මෙලොවට මා දොවා

හිනැහුණා ඔබ පරදා වේදනා 

රතු රුහිරු කිරි කරන්

සෙනෙහසින් මා වඩන්

" මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බරෙන් "

නුඹට දුන් වේදනා 

යළිත් ආපසු ගන්න 

ආසයි ආයෙමත් 

යන්න ඒ අතීතෙට 

යමුද අපි ආයෙමත්

අම්මේ ඒ අතීතෙට ...



හැමදේම වෙන්නේ හොඳට



විඟහට පැමිණ නවතින්නයි කියා

වසන්තයට කල මුත් ආයාචනා තව

නාඳුනන සිහිනයක් එකවර පැමිණ

හිනැහිලා යනයුරු පෙන්නුවේ කිමද


අකැමැති වූ නමුත් ඉඩෝරයේ පැමිණීම

පිළිගැනීමට සිදුවෙයි මින් ඉදිරියට

කාරි නෑ තේරුම් ගත යුතු දෙයක් ඇත

හැමදේම හොඳටයි වෙන්නේ සිතමු අප.

දුර්ලභ රත් දෝතළු


මගේ 📷 ඇස

පුවක් ගස්වලට අපල කාලය එළැඹෙන්නේ වෙසක් මාසය කිට්ටු වීමත් සමඟය. ඒ තොරණ බඳින්නට දහස් ගණන් පුවක් ගස් කපන නිසයි. පොල් ගස් කැපීම තහනම් කරමින් කලින් කලට නීති ගෙනාවද පුවක් ගස් කපන්නට අපේ රටේ තහනමක් තවම  නැත. නමුත් එක් පුවක් ගසක් කැපීම නම් තහනම්ය. ඒ රත් දෝතළුය.

පුවක් ගස්වලට වෙසක් මාසයේදී අපලය ලබන මුත් රත් දෝතළුවලට නම් හැමදාමත් අපලය. ඊට හේතුව විවිධ අපල සඳහා රත් දෝතළු පූජා කළ යුතු බවට සමාජයේ පවතින මිථ්‍යා මතයන්ය. මේ අපලය සත්‍ය ලෙස පවතින්නේ මෙය විශ්වාස කරන උදවියට නොව රත් දෝතළු මලටයි.

බැලූ බැල්මට පුවක් මල මෙන් දිස් වුවද රක්ත වර්ණයෙන් බැබලීම නිසත් හමුවීම දුර්වල නිසත් පුවක් මලට වඩා වටිනාකමක් ලැබෙයි. මේ මල තවම නොදැකපු පිරිස්ද සමාජයේ නැතුවාම නොවෙති. නමුත් රුවන්වැලි සෑය වන්දනාවට යන පිරිස් හට නම් මෙය ඉතා සුලභ දසුනකි.

මලේ පැහැය නිසා දෝතළු ශාකය සමාජ ගත වී ඇත්තේ “රත් දෝතළු” ලෙසිනි. ඇතැම් ප්‍රදේශයන්හි මෙය “රන් දෝතළු” යනුවෙන්ද ව්‍යවහාර කරයි. මලෙහි පවතින අසීමිත සුන්දරත්වය නිසා අතීතයේ පටන් මෙම මල කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ජනශ්‍රැති හා සාහිත්‍යයේ හමුවන තොරතුරු අනුව පැහැදිලි වෙයි. මෙය සෑම පරිසර පද්ධතියකම දක්නට නොලැබෙයි. ශ්‍රී පාද අඩවියේ බහුලව දක්නට ලැබේ. බුදුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේදී සමනල ගිරි මුදුනට වැඩම කර ඇත. සුමන සමන් දිව්‍ය රාජයා බුදුන් වහන්සේට සමනල ගිරි පර්වතයේදී ශ්‍රී පාද පද්මය පිහිටුවන ලෙස ආරාධනා කර ඇත්තේද රත් දෝතළු මලක් පුද කරමිනි. මේ පිළිබඳ අදහස් ජනප්‍රවාදයේ පැවැත එයි. වත්මනේද බොහෝ බැතිමත්තු රත් දෝතළු මල් ශ්‍රී පාද පද්මයට බැතියෙන් පුජා කිරීමට උත්සුක වෙති.

අතීතයේ විවිධ ශාන්තිකර්ම සඳහාද රත් දෝතළු මල් භාවිත කර ඇත. දෙවොල් මඩු ශාන්තිකර්මයේදී පත්තිනි දේවිය වෙනුවෙන් පුවක්, තල්, පොල්, ඉඳි සහ දෝතළු මල් භාවිත කර ඇත. මේ සියල්ල එක් කර විශේෂ සැරසිල්ලක්ද සකස් කර ඇති බව සඳහන් වෙයි.

මෙලෙස දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රත් දෝතළු ගස පුවක් ගසකට සමාන හැඩ හුරුකමක් දක්වයි.  මෙයද තාල වර්ගයට අයත් ශාකයකි. ලංකාවට ආවේණික ශාක විශේෂයක් වෙයි. දුර්ලභ ශාකයක් වන මෙය වඳ වීමේ තර්ජනයකටද මුහුණ දෙමින් පවතින බව නම් නොරහසකි. සබරගමුව පළාත ආශ්‍රිත වනාන්තරවල සහ ගෙවතුවලද රත් දෝතළු දක්නට ලැබෙයි. බීජවලින් පැළවීම සිදු වන අතර පැළවීමේ ප්‍රතිශතය අවම වීම නිසා ව්‍යාප්තියද සීමා සහිත වෙයි.

 රත් දෝතළු මල නිරූපිත මුද්දරයක්ද නිර්මාණය කර ඇත. ඒ තරමටම ලාංකික සමාජයේ  රත් දෝතළු මලට විශේෂත්වයක් ලබා දෙයි. වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති නිසා මෙයට හානි කිරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.


තෙලි තුඩ මැවූ රටා


 

නොවෙනස් මිතුදම්



                                                                                                          

සඳ හිරු  තරු මල්

පවතින තුරු දෙරණේ

ඔබ මෙන් මා මෙන්

සෙනෙහෙන් උන් අය

හමු වී වෙන් වෙනවා

අවිහිංසක වූ පිවිතුරු මිතු දම්

සැමදා ඇති වෙනවා

වෙන් වී යන දසුනෙන්

තව තව ළං වෙනවා

හද විල මැද සිටි

සෙනෙහස් කුසුමන්

යළි යළි පුබුදිනවා

යෙහෙළිය ඔබ වෙත

මගේ ආසිරි සැමදා

හිමි වෙනවා ❤️

කොරෝනා බිලිගත් අපේ ජීවිත 🤐



වෙසක් තොරණ නැති වසන්තයක්

සරුංගල් නැති ග්‍රීෂ්මයක්

සමනල් පෙරහැර නුදුටු

ශීත ඍතුවක් 

ගෙවිලා ගියා නොදැනීම

කොරෝනා බිලිගත් අවුරුද්දක් 😥

නෙතුපිය අද්දර


 Akka & Aiya ❤️

උඩරට මංගල ඇඳුමින්  හැඩවුණ

යුවලක් හැදිනෙමි නෙතුපිය අද්දර

රූබර ධවලැති ඔසරියෙ සළුපට

ගෙනදෙයි පිවිතුරු ප්‍රේමයෙ සලකුණ

රිදියෙන් හැඩවුණ නිල්පැහැ ඇඳුමට

ගෙනදෙයි සවිමත් ඔහුගේ තේජස

"සුරකිමි දිවි ඇති තෙක් ඔබ සොඳුරිය"

කියනා රිසියෙන් ඔහු නෙතු ඇය ළඟ


 

ඉඳිවෙමින් පවතින සඳහිරු සෑයට අපේ දායකත්වය ☸️

 










විඩාබර මනසට විවේකයක්

 


Friday, August 13, 2021

මල් මිටක් 💐



සනසන්න සැනසෙන්න හීන 

මිටි පොඳි බැදන් 

අකුරු කරනට යන්නෙ මල් 

පොකුරු අත දරන් 

මිනිසුන්ව හඬවන  

දිළිඳුකම  හිසතියන් 

මල් මිටක් ගත්තොතින් 

බඩ පිරෙයි නැහැ කිසි සැකක් 🌸

නිවහන සැරසූ රුවැත්තී

 
















Tuesday, August 10, 2021

අමාවතුර


ගුරුළුගෝමීන්ගේ වර්ණනා චාතූර්යය විෂද වන අයුරු



සිංහල සාහිත්‍යයේ ග්‍රන්ථ වංශයට අයත් ඉතා පැරණි ම නිමාණාත්මක ගද්‍ය කෘතිය ලෙස අමාවතුර නම් ලබයි. මෙය පොළොන්නරු රාජධානි සමයේ අවසාන කාල පරිච්ඡේදයට අයත් කෘතියක් ලෙස හඳුනා ගත හැකිය. අමාවතුර බුදුන්ගේ පුරිසදම්මසාරථි බුදු ගුණය විහිදා දැක්වීම උදෙසා නිර්මාණය කරන ලද ගුරුළුගෝමී නම් පඬිවරයාගේ උසස් සාහිත්‍ය නිර්මාණයක් බව ග්‍රන්ථය අවසානයේ මනාව දක්වා ඇත. 

      “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි.”

අමාවතුර ගුරුළුගෝමීන් විසින් නිර්මාණය කරන ධර්ම ග්‍රන්ථයක් වන අතර එහිදී මූලික වශයෙන් බුදුරදුන්ගේ පුරිසදම්මසාරථී බුදු ගුණය වර්ණනා කර ඇති බව හඳුනා ගත හැකිය. 

අමාවතුර කතුහිමි තම ග්‍රන්ථකරණයේ අභිප්‍රාය කුමක්ද? යන්න පිළිබඳව ග්‍රන්ථ ආරම්භයේ මෙසේ දක්වා ඇත. 

 “බුදු ගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරුසදම්මසාරථී  යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව්හි සැරිසැරූ විෂම පුරුෂයන් දමා අමා මහා නිවන් පැමිණි වූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ.”

අමාවතුර පිළිබඳ ප්‍රශංසනාත්මක විග්‍රහයක යෙදෙන මාර්ටින් වික්‍රමසිංහයන් සිය “සිංහල සාහිත්‍යයේ නැඟීම” කෘතියේ ඒ ගැන ඔහුගේ අදහස මෙසේ ප්‍රකාශ කරයි. 

“අමාවතුර මුල පටන් අවසානය දක්වා ම බුද්ධ චරිතය මුතුපටෙහි නූල මෙන් දිවෙයි. මේ   නිසා අනික් එක ම සිංහල ගද්‍යයක නොදක්නා ලැබෙන එකමුතු බවක් නොහොත් ඒකාත්මක ස්වරූපයක් අමාවතුරෙහි දක්නා ලැබේ.”    (මාර්ටින් වික්‍රමසිංහ)

අමාවතුර ග්‍රන්ථයේ ගුරුළු ගෝමීන්ගේ වර්ණනා චාතූර්යය කෙබඳු ද යන්න හඳුනා ගැනීමේ දී අමාවතුරේ දිවෙන සෑම කතා පුවතක් තුළින් ම කදිමට ධ්වනිතාර්ථවත් වෙයි. බුද්ධ චරිතයේ ඉතා ප්‍රකට අවස්ථාවක් වූවත් ගුරුළු ගෝමීන් ඉදිරිපත් කරන්නේ පාඨකයාගේ සිත්හි එක් වරක් හෝ දෙවරක් පමණක් නොව සියවරක් කියවීමට පෙළඹවන ආකාරයේ රුචියක් ඇති කරවමිනි. අවස්ථා නිරූපණයෙහිලා ගෝමීන් සැබෑ දක්ෂය. ඒ බව                 “ස්වසන්තාන දමනයේ” සිදුහත් කුමරු මහභිනිෂ්ක්‍රමණය සඳහා පිටවීමට සූදානම් වන අවස්ථාව කඳිම නිදසුන් සපයයි. 

එහිදී සිදුහත් කුමරු ඡන්න ඇමති සහ කන්තක අසු යන තිදෙනාගේ ම චිත්ත අභ්‍යන්තරයේ ඇති වූ ධෛර්්‍යය හා අධිෂ්ඨානය ගෝමීන් වෙන වෙන ම විස්තර කිරීමට සමත් වී ඇත.

“ඉඳින් දොර විවිර නොවී නම්, මම අසුපිට හුන්නෙම් මැ වල්පත ගෙන සිටි සන්නු හා සමඟ අසු දෙකලවෙයින් හැදවා ගෙනැ අටළොස් හත් පවුරු පැනැ යෙමි යි” සිතූහ.

“සන්මහ ඇමති ඉඳින් දොර විවර නොවී නම් මාහිමියා මා දසරුයෙහි හිඳුවා ගෙන අස් රජු දකුණු කිහිල්ලෙන් ගෙන පවුර පැනැ යෙමි” සිතූහ. 

“අස්තෙමේ දු ඉඳින් දොර විවර නොවී නම් මම මාහිමියා පිට හිඳුවා ගෙනැ වල්හි ගත් සන්හු හා සමඟ පවුර පැනැ යෙමි” සිතූහ.

මේ උතුම් ගමන කෙසේ හෝ ජය ගත යුතුය යන ආකල්පය තිදෙනාගේ ම චිත්ත අභ්‍යන්තරයේ පැවැති ආකාරය මනාව ඉදිරිපත් කර පෙන්වයි. කුමන ආකාරයේ ශක්තියක් හෝ උපායක් යොදවා පවුර පැනිය යුතුය යන අභියෝගය ජය ගන්නා ආකාරය පිළිබඳ තිදෙනා තුළ වෙන වෙන ම පැවැති ධෛර්යය එක විට ම සඵල විය. ඒ අවස්ථාව කොතරම් සාර්ථකව ඉදිරිපත් කර ඇති ද යන්න පෙනේ. 

“එකල්හි දෙවියෝ දොර විවර කර දුන්හු” යන වැකියෙන් පාඨක සිත් ශාන්තභාවයට පත් කරන්නේ අතිශය ප්‍රශංසනීය විලාසයනි.

ගෝමීන්ගේ අපූර්ව වර්ණනා චාතුර්යය විෂද කරන තවත් අවස්ථාවක් ලෙස “අඟුල්මල්දම” නම් පරිච්ඡේදයෙන් මනාව පෙන්නුම් කරයි. අවස්ථා නිරූපණය කිරීමේ දී පියවරෙන් පියවරට ක්‍රමානූකූලව පාඨකයන්ට මනාව පැහැදිලි කර ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කර ඇත. 

අහිංසක නම් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනිමේ පටන් ඔහු තක්සලා නුවරට ගොස් ශිල්ප හදාරා ඉන් පසුව මිනිමරුවකු සොරකු බවට පත් වී අවසානයේ බුදුන්ගේ මහා කරුණාවට පාත්‍ර වී තෙරනමක් වීම දක්වා සිදුවීම් දාමය දම්වැලක පුරුක් මෙන් මනාව ගලපා අනවශ්‍ය වර්ණනාවලින් බැහැරව ඉදිරිපත් කිරීමට ගෝමීන් සැබෑ දක්ෂ වෙයි. 

“එකල්හි අඟුල්මල් මහතෙරහු නොපමා වැ මහණුකම් කොට රාත් වූහ.” 

මෙයින් පැහැදිලි වන ආකාරයට බුදුන්ගෙන් බණ අසා පැවිදි වූ අඟුල්මල් රහත්ව සත්‍ය ක්‍රියා බලයෙන් ලොවට සෙත් සදන උතුම් පුද්ගලයෙක් බවට පත් විය. දරුණු අංගුලිමාල ශාන්තගාමී වූ අයුරු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම තුළින් ගෝමීන්ගේ කතා ඉදිරිපත් කිරීමෙහිලා පවත්නා ඖදාර්ය ගුණය මනාව පැහැදිලි වෙයි. 

බිම්බිසාර රජු මරණයට පත් වූ ආකාරය පාඨක ජනයාට තේරුම් ගත හැකි අයුරින් සරල උපමා භාවිතයට ගැනීම විශේෂත්වයකි. 

“සරා සඳ රැසින් රිදී කෙළෙන් නික්මුණු කිරු දහර සෙයින්, රිදී විමනින් නික්මුණු මුතු වැල සෙයින්, සමන් කුසුම්දම් සෙයින්...”

පියා මැරූ දිනයේ සිට අජාසත් රජුට නින්ද නොයන බව ඇමතියන්ට පසක් කර දීමට යොදා ගත්තේ අවස්ථාවට උචිත වූ උපමාවන්ය.

අමාවතුරේ තවත් එක් වර්ණනා චාතූර්යය පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස ‘ඇ’ කාරය භාවිතය දැක්විය හැකිය. ඒ බව බොහෝ කතාවල ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන අවස්ථා තුළින් පෙන්නුම් කරයි. 

“එතැන පටන් ගෙනැ රන්මරවඩියැ බත් එව පියාලා පයින් ගෙනැ වඳිති” - රාජ දමන - 

“එදවස් රජ ඇය සඳහන් කොටැ නගර සෝභිනී කොහි යයි පිළිවිස මෙම නුවර යැ යනු...”  - ගෘහපති දමන - 

“මහ බෝසතාණන් දැකැ තුසිතපුරයට ගොස් වැදැ මුදුනෙහි ඇඟිලි බැ`දැ...” -ස්වසන්තාන දමන -

එසේම අමාවතුර වාග් කෝෂය තුළ පාලි සංස්කෘත තත්සම, තත්භව වචන අභිමත අවස්ථාවලදී යොදා ගැනිමට පසුබට වී නොමැත. නිදසුන් ලෙස ඍද්ධි පෙළහැර, සර්වඥ පවරුනෙන් යන වචන තුළින් පෙනේ. 

අමාවතුරේ පවත්නා තවත් විශේෂත්වයක් වන්නේ එක ම භාෂාවකට සීමා නොවී එක හා සමාන උච්චරණය සහිත වැකි, අනුප්‍රාසය සහිත වැකි බහුලව දක්නට තිබීමයි. ඒ බව ‘අඟුල්මල් දමන’ පරිච්ඡේදයේ මනාව පෙන්නුම් කරයි. 

‘නියම් ගම් නොනියම් ගම් කෙළේ. මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාල කොට දරයි. මහණ තෙල මඟට පුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු...’

සුඛනම්‍ය භාෂාවක් දක්නට ලැබෙයි. එය ගීතවත් ලෙසින් කඩා හැලෙන දිය දහරක් මෙන් එකිනෙකට බැඳි පද්‍ය සමූහයක් සේ රසවත් වූ බසකින් පෘඨකයන්හි සිත්හි චිත්තරූප මැවෙන අන්දමට ඉදිරිපත් කර පෙන්වීමට සමත් වී ඇත. ඒ බව, 

‘ඔහු දැරියගේ සිරි යහන් ගැබට වැද දැරිය හැරගෙන සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිඳින්නවුන් සෙයින් ඇයගේ සර්ව ආභරණ ගලවා නියෙන් සීමානත දක්වා සැඩොල් කෙහෙ බැඳ නිල් පියල්ලෙහි ඇතැ බැඳ ...’ 

යන්න තුළින් පැහැදිලි වන්නේ කතු හිමි සංයමයකින් යුක්තව පාඨක සිත් සතන් ඇද බැද ගන්නා ආකාරයට වර්ණනා ඉදිරිපත් කිරීමට සමත් වී ඇති බවයි.

අමාවතුර කෘතියෙන් ගුරුළු ගෝමීන් සතුව පැවැති අපූර්ව වර්ණනා චාතූර්යය මනාව  විෂද වෙයි


Monday, August 9, 2021

බෝඩිම


නීරස බොජුන් කුස මතට

අම්මගෙ බත් කට සිහි කරන

හූල්ලන දින සති මාස අතර

ඔහේ ගෙවෙයි මේ ජීවිතය අද


නැත කරන්නට කිසිත් දෙය

ඉවසා සිටින්නට විය මේ හැම

විටක ආතල් කියා සිත මුත් මෙය

බෝඩිම් ජීවිතයත් පවක් ද පෙර.✍🏻

ආරාමයේ දියුණුවට අත හිත දෙන අපි






 

කටුක ජීවිතයේ අපේ සොඳුරු අත්දැකීම්







 

කඳු මුදුනේ ඉන්න හිතෙන ආසම තැන

 

















Sunday, August 8, 2021

පාරමිතා


දුර ගියත් ඔබ මා කෙරෙන්

මතකයන් නැත හැරගියේ

මොහොතින් මොහොත සිතදවනා

මතකයන්මයි මා ජීවත් කලේ


රිදෙව්වත් සිත අද කොයිතරම්

විඳි සෙනේ එදා මහමෙර තරම්

සසර පුරාවට පුරම් පාරමී දම්

එක්වන්න ඒ විඳි සෙනෙහසින් 

දෙවිඳුනි ඔබ මැවු ලොව පුදුමයි




සුපෙම්වත් වූ පෙම්වතුන්

දෑත් පටලා ඇවිද යන

මල් මිටියාවතේ ඇවිද යන්නට

නුඹ යලි නොඑන්නේද...

හුදෙකලාවට පෙම්බඳින්නට

ඉදින් මට සිදුවේද...

ගෙවී ගිය වසන්තය

යලි අප වෙත නොපැමිනේද

දෛවය 

මෙතරම් සරදම් කරන්නේ මන්ද

දෙවියනි,

ඔබ අප පිරික්සන්නේද

මේ කඳුලු ගංඟා

ඔබට අමතය වීද

අයදිමි, වැඳ වැටෙමි

මගේ පෙම් පූජාසනය

හිස් නොකරනු මැන


ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...